Posts

Showing posts from October, 2022

ලෝහිත පරීක්ෂණයක් - 01: I

Image
All Rights Reserved  මෙම බ්ලොග් අඩවියේ සඳහන් කිසිදු ලිපියක් උපුටා ගැනීම, පිටපත් කිරීම, අවසරයකින් තොරව වෙනත් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක පල කිරීම සපුරා තහනම් වේ.  ලෝහිත පරීක්ෂණයක්   "ලෝහිත", එය රුධිරය බඳු වූ තද රත් පැහැයට තවත් නමකි. විටෙක එයින් සංඛේතවත් වන්නේ අනර්ථකාරී කෲරත්වයයි.   මේ ගෙනහැර දක්වනුයේ ඒ ලෝහිත වර්ණ අපරාධ ලොවෙහි දිවි ගෙවන්නන්ගේ දෛනික දිවිය පිළිබඳ අධ්‍යනයකි.  01. අපරාධ අධිපතිගේ සූදු සරදම - පළමු කොටස මැදියම් රැය පසු වී තිබිණි. ඝන ඇතිරිල්ලක් බඳු වළා වියනක් ලන්ඩන් ආකාශය මත ඇතිරී තිබුණේ, එය දොම්නස්බර කළු පැහැයකින් වර්ණ ගන්වමිනි.  එනමුත්, තාරකාවන්ගේ ආශිර්වාදයෙන් වියුක්තව වුව, ස්වයංජනිත ආලෝක කදම්බයන් විහිදවූ නවීන පහසුකම් නගරය පුරා පිළියෙල කර තිබේ. ලන්ඩනය එබඳුය. එය සිය කාර්මික විප්ලවය ඔස්සේ නොනවත්වා දිගින් දිගටම පරිණාමය වන්නේය. බිඳෙන් බිඳ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ගෑස් ලාම්පු පේළි විසින් රාත්‍රිය යන සංකල්පය නගර වාසීන්ගේ මනසින් මකා දමනු ලැබීය.  අන්ධකාරයෙන් පලා යන පුරවරයක් : සියලු මනුෂ්‍යයන් විසින් පිළිගත යුතු වන ස්වභාවධර්මතාවයන්ගෙන් එය තමාවම වෙන් කරගනිමින් සිට